AFC Banner
Empty Ad
Empty Ad

ලබන බදාදා සිට බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද පවත්වනු ලැබුවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපතිවරයාට ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාල කටයුතු සිදුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින් දැනුම් දී ඇත.

මේ අතර, අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු 20% කින් ඉහළ නැංවීමට සිදුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?