ප්‍රියන්ත කුමාර ආරක්ෂා කිරීමට, ජීවිතය නොතකා උත්සහ ගත් අද්නාන් මලික්

පකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ආරක්ෂා කර ගැනීම සඳහා සිය ජීවිතය ද නොතකා ඉදිරියට පැමිණි අද්නාන් මලික් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානය යොමුවී තිබේ.

ඔහු පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමුවූයේ, ඔහුට පකිස්ථානයේ නිර්භීතකම සඳහා වන ඉහළ ම සිවිල් සම්මානයක් වන Tamgha i Shujaat සම්මානය පිරිනැමීමට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා තීරණය කිරීම ත් සමග ය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර ඇත්තේ, අද්නාන් මලික් මහතා ප්‍රියන්ත කුමාර මහතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සිය ජීවිතය ගැන පවා නොතකා ක්‍රියා කර ඇති බව ය.

අද්නාන් මලික් මහතා රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ප්‍රියන්ත කුමාර මහතා සමග සේවය කළ අයෙකි.

මේ අතර, අද්නාන් මලික් මහතා ප්‍රියන්ත කුමාර මහතාට පහර දීමට එක්රැස්ව සිටි පිරිස අතරට ගොස් තත්ත්වය සමනය කිරීමට දරන උත්සහය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙත මුදා හැර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54