ඉතිහාස ගත වූ රුමේෂ් තරංග

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට රුමේෂ් තරංග ඉතිහාසයට එක්‌ වුණා.

මෙම තරගයේ දී ඔහු හෙල්ලය මීටර් 89.04ක දුරක් විසි කරමින් පළමු ස්ථානය දිනාගත්තා.

මෙම ඉසව්වේ දී පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් හෙල්ලය විසි කළා.

තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසි කළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් දිනාගත්තා.