ගිනි අවිය ක්‍රියාත්මක නොවී වෙඩි තැබීමක් ව්‍යාර්ථ වෙයි

කොස්ගොඩ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමින් මෙලෙස වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යාර්ථ වී ඇති අතර, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසන්නේ නිවසේ ඉදිරිපස දොරටුව වසා නිවස තුළට යනවාත් සමඟම ගිනි අවියක් සකස් කරන සද්දයක් තමන්ට ඇසුණු බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවූ බවත් පසුව වහාම කොස්ගොඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳව දැනුම් දුන් බවයි ඇය පවසන්නේ.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ ගේට්ටුව ඉදිරිපස පරීක්ෂා කිරීමේ දී බිම් වැටී තිබූ මිලිමීටර් නමය වර්ගයේ ජීව උණ්ඩයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබනවා.