හවසට හවසට වැස්සත් පවතින උෂ්ණත්වයේ අඩුවක් වෙන්නේ නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවුවත් පවතින උෂ්ණාධික කාලගුණය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ, ඉදිරි සතියක පමණ කාලය තුළ මෙම තත්ත්වය පවතින බවයි.

රාත්‍රී කාලයේ උෂ්ණත්වයේ අඩුවක් බාලාපොරොත්තු විය හැකි නමුත් දහවල් කාලයේ පවතින ඇඟට දැනෙන උෂ්ණත්වය තව දුරටත් පැවතිය හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක් සඳහා තවදුරටත් පානීය ජලය බෙදාහරිමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මොණරාගල, අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුරය යන දිස්ත්‍රික්ක මෙලෙස වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි.

මේ අතර වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පුද්ගලයින් 113,354කට පානීය ජලය බෙදාහැර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51