ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ලෝකයෙන් ම කළ ඉල්ලීම

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා විසින් ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන කිසිදු දර්ශනයක් ඉන්ටර්නෙට් හෝ සමාජ මාධ්‍යවල පළ නොකරන ලෙස ත් ඒවා හුවමාරු කර නොගන්නා ලෙස ත් ය.

එමෙන් ම, එම දර්ශන ඉවත් කර ගන්නා ලෙස ඔවුන් ලොව පුරා මධ්‍ය ආයතනවලින් ද ඉල්ලීමක් කර ඇත.

පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා වධහිංසා පමුණුවා දෙසැ. 3 වන දා ඝාතනයට ලක්ව තිබිණි.

ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, මුහම්මද් නබි තුමාගේ (Holy Prophet) පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට චෝදනා කරමින් මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉන්ජිනේරු පීඨයේ උපාධිධරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?