ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ලෝකයෙන් ම කළ ඉල්ලීම

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා විසින් ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන කිසිදු දර්ශනයක් ඉන්ටර්නෙට් හෝ සමාජ මාධ්‍යවල පළ නොකරන ලෙස ත් ඒවා හුවමාරු කර නොගන්නා ලෙස ත් ය.

එමෙන් ම, එම දර්ශන ඉවත් කර ගන්නා ලෙස ඔවුන් ලොව පුරා මධ්‍ය ආයතනවලින් ද ඉල්ලීමක් කර ඇත.

පකිස්ථානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා වධහිංසා පමුණුවා දෙසැ. 3 වන දා ඝාතනයට ලක්ව තිබිණි.

ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා කරමින් විශාල පිරිසක් ගල්මුල්වලින් පහර දී ඔහු ඝාතනයට ලක්වූ පසු දේහය පුළුස්සා දමා ඇති බව මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, මුහම්මද් නබි තුමාගේ (Holy Prophet) පෝස්ටරයක් ඉරා පොඩි කර කසළ බඳුනකට දැමූ බවට චෝදනා කරමින් මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉන්ජිනේරු පීඨයේ උපාධිධරයෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56