ඇමති ප්‍රසන්න හිටපු ජනපති මෛත්‍රීට ඇනපු ටොක්ක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි  යන්න තමාගේ ස්ථාවරය බව  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ජල පහසුකම් ලබාදීම වැඩි දියුණු කිරීම සඳහා යක්කල වීදියවත්ත  ප්‍රදේශයේ ජල කුළුණක් ඉදි කිරීම  සඳහා මුල්ගල තැබීම අද (26 )පෙරවරුවේ සිදු කෙරුණ අතර එම  උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කලා.ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ.  ඒ කියන දේවල් වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

මම හැමදාම මගේ මතය කියපු කෙනෙක්.  ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණ වලට යන්න ඕනේ. ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එලියට යන්න පුළුවන්.එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30