නිවාස වලට එල්ල වූ ප්‍රහාරය මිරිස් කුඩු වලින් වැලකේ

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී තියුනු ආයුධ ගත් පිරිසක් විසින් නිවසකට පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

තියුණු ආයුධ ගත් 10 දනෙකුගෙන් පමණ යුතු පිරිසක් විසින් නිවසට කඩා වැදී දේපලවලට හානි කරන අවස්ථාවේදී එහි හිමිකරු විසින් නිවැසියන් කාමරයකට දමා වසා මුලුතැන් ගෙයි තිබූ මිරිස්කුඩු රැගෙන පැමිණි පිරිස් වලට ගසා ඔවුන්ට පහරදීම හේතුවෙන් එම පිරිස් පලා ගොස් ඇත.

අදාල පහරදීම සම්බන්ධයෙන් හඳුනාගනිමින් ඔවුන් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද පහරදීම හේතුවෙන් නිවසේ දේපල රැසකට දැඩි හානි සිදුව ඇති බවටද පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර යාපනය චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ නිවසකට 20 රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් පහරදීමෙන් දේපල රැසකට හානි සිදුව ඇතැයිද චුන්නාකම් පොලීසිය පැවසීය.

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් එකවරම නිවසට ඇතුලු වී නිවසේ තිබූ දේපලවලට හානි කොට ඇති අතර ඉන් නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

අදාල පහරදිම සිදුකල පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වි නොමැති අතරම අදාල පිරිස් සොයා චුන්නාකම් පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16