පසුගිය දින කිහිපය තුළ ඇති වූ ගෑස් හිඟය සැලකිල්ලට ගනිමින්, අද (18) දිනයේ විශේෂ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුමක් සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ඒ, අනුව අද (18) දිනයේ එල්.පී. ගෑස් සිලින්ඩර 80,000ක් ද, හෙට දිනයේ තවත් සිලින්ඩර ලක්ෂයක් ද බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවයි එම සමාගම සඳහන් කළේ.,
මේ අතර, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් පසුගිය 16 වනදා දිවයිනට පැමිණි බවත්, මෙම ගෑස් තොග සැලකිල්ලට ගන්නා විට ඉදිරියේ දී ගෑස් හිඟයක් ඇති නොවනු ඇති බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ.
