මේ මොන දුෂ්කරතාද.. ඉස්සරහට තමයිලු හොඳ හොඳ සෙල්ලම්

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන්  පසු ඇතිවු  අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත්  වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 ගාල්ල හපුගල  නව සතොස ශාඛාව විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඔහු මෙසේද කිවේය.

 “කොවිඩි 19 නිසා ඇතිවු මේ තාවකාලික පිඩනය තුල  ඉන් ගොඩයාම සදහා  අපේ  රටේ සම්පත් හා මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනිම සදහා අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සදහා මේ රටතුල ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව තමයි චිනයට ගල්අගුරු සපයන්නේ. ඔස්ට්‍රේලියාව චිනයට ගල්අගුරු සැපයිම නතර කරලා තියෙනවා. චිනයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය තමයි ගල් අගුරු. කර්මාන්ත වැඩකරන්නේ ගල් අගුරුවලින්. ලෝකයේ වැඩිම නිෂ්පාදනය හා ජනගහනය ඉන්න රට තමයි චිනය. චිනයේ බොහෝ ප්‍රාන්තවල එක් දිනයි වැඩකරන්නේ. දින 04ක් සියලුම කර්මාන්තශාලා වහලා. අපේ රටෙ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය වැඩිවශයෙන් ගෙන්නේ චිනයෙන්. අපි රෙදි චිනයෙන් ගේනවා. චිනයේ කර්මාන්ත ශාල වාසා දැමු විට චිනයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිගවෙනවා. ලෝකයේ භාණ්ඩ හිගවු විට  අපිට ඒ කර්මාන්ත පවත්වාගෙන යන්න අසිරුවෙනවා. ඒ නිසා මේ යුගය වගකීමෙන් හා  ඉවසිමෙන් යුතුව කටයුතු කළ යුතුය.

මුළු ලෝකය පුරාම නිෂ්පාදනය කඩාවැටිලා තියෙනවා. හුවමාරු ක්‍රියාවලිය සුමට ලෙස සිදුවන්නේ නැහැ. කන්ටේනර් ගාස්තු සියයට 1040කින් වැඩිවෙලා තියෙනවා. නැව් ගාස්තු සියයට 300කින් වැඩිවෙලා තියෙනවා. ලෝකයේ සැම රටක්ම වසා තැබිම නිසා  කර්මාන්තශාල ලක්ෂ ගණනක් වහලා තියෙනවා. කෝටි ගණනකට රැකියා නැතිවෙලා තියෙනවා.

2018 වර්ෂයේ  දි මෙරටට සංචාරකයින් ලක්ෂ 23ක් පැමිණියා. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 04ක් 05ක් වසරකට ලැබුණා. සංචාරක ව්යාපාරය කඩාවැටිමේ වගකිම පසුගිය රජය විසින් භාරගත යුතුයි. ත්‍රස්තවාදි  ප්‍රහාරයක්  එල්ලවෙන බව හොදටම දැනගෙන ඒ සදහා කිසිදු පියවරක් නොගැනිම නිසා  පාස්කු ප්‍රහාරයෙන් සංචාරකයින් විශාල පිරිසක් මියගියා  ඒ නිසා ඇතිවු කළුපැල්ලම නිසා සංචාරකයින් නොපැමිණිය යුතු රටක් ලෙස ලංකාව හංවඩු ගැසුනා. කොවිඩි 19න් පසුත් සංචාරකයින්  සිමාවුනා. ඒ නිසා අහිමි වු මුදල් ඇමරිකානු ඩොලර් 05කට වඩා වැඩියි. ඒ මුදල ඉතා විශාල ධනස්කන්දයක්.

 ජිවන විදයම අර්බුදයට පිළියමක්  ලෙස සතොස ජාලය ව්‍යාප්ත කිරිමට කටයුතු කරනවා.  රටේ වෙළද පොළට දැනෙන බලපැමක් මේ දිනවල සතොස හරහා කරගෙන යනවා. ඉදිරියේ දි සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට සතොස ශාඛා 03 බැගින්  ලංකාව පුරා සතොස ශාඛා ජාලය  ලබන වර්ෂය නිම වනවිට 1000ක් දක්වා වැඩිකරනවා යැයි ද ඇමතිවරයා කිවේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38