යතුරුපැදි අනතුරින් නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

අද (21) අලුයම දෙනියාය මූලික රෝහල අසල දී යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා දෙනියාය මුලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මාකොළ නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ කොටපොළ, ගැටබරුවගම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාම බීමතින් සිට ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දෙනියාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?