දෙමටගොඩ රුවන්ට ඇප නෑ

අයුතු ලෙස රුපියල් කෝටි ගණනාවක් වටිනා මුදල් හා දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමිල සිරිනායක නැමැත්තා වෙනුවෙන් ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා එම සැකකරු ලබන 03 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (19 දා) නියෝග කළේය.

එම සැකකරුගේ නිවසේ තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ කිලෝ 1 1/2 කට අධික රන් ආභරණ තොගයේ මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේය. එම සැකකරුගේ බිරිඳගේ නමින් එක්තරා බැංකු ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුමක රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් තැන්පත්කොට ඇති බවත් තවත් බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ පනහක මුදලක් සහ රුපියල් ලක්ෂ විසිහතරක මුදලක් තැන්පත් කර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.

එයට අමතරව එම සැකකරුට අයත් රන් ආභරණ කිලෝ 3 1/2 කට ආසන්න ප‍්‍රමාණයක් එක්තරා බැංකුවක උකසට තබා රුපියල් කෝටි 5 1/2 ක මුදලක් ලබාගෙන ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීහු හෙරොයින් ජාවාරමෙන් සහ වෙනත් ආකාරයෙන් ඔහු අයුතු ලෙස උපයාගෙන ඇති සෙසු දේපළ සහ මුදල් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව අධිකරණයට පෙන්වා දුන්හ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16