දිස්ත්‍රික්ක 05ක කොවිඩ් අවදානම ඉහළට – උත්සව සමයේ රට වැසීමේ අවදානමක්

දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.එම නිසා මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ.

‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා.
ඒ හුඟක් තැන්වල උත්සව, මඟුල්ගෙවල්, පිංකම් ආශ්‍රිතව මහජන ඒකරාශිවීම් වාර්තා වෙනවා.

එවැනි තත්ත්වයන් යටතේ කොවිඩ් පොකුරු ඇතිවීම වළක්වන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හැකිතාක් දුරට මහජන ඒකරාශීවීම්වලින් වැළකී ඉන්න කියලා.’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටිනවා.

සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව ඔහු පෙන්වා දෙන්නේ දෙන්නේ. ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත්ත් වේගයෙන් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?