දිස්ත්‍රික්ක 05ක කොවිඩ් අවදානම ඉහළට – උත්සව සමයේ රට වැසීමේ අවදානමක්

දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.එම නිසා මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ.

‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා.
ඒ හුඟක් තැන්වල උත්සව, මඟුල්ගෙවල්, පිංකම් ආශ්‍රිතව මහජන ඒකරාශිවීම් වාර්තා වෙනවා.

එවැනි තත්ත්වයන් යටතේ කොවිඩ් පොකුරු ඇතිවීම වළක්වන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හැකිතාක් දුරට මහජන ඒකරාශීවීම්වලින් වැළකී ඉන්න කියලා.’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටිනවා.

සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බව ඔහු පෙන්වා දෙන්නේ දෙන්නේ. ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත්ත් වේගයෙන් පැතිර යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26