අවුරුදු 580 කට පසු අද සිදු වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය

මේ දින වල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබෙන අතර, වසර 580 කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වුවත් ශ්‍රී ලංකාවට එය දිස්නොවේ. අර්ධ චන්ද්‍රග්‍රහණ අවධියේ සම්පූර්ණ කාලය පැය 3 විනාඩි 28 කි. චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පෙරවරු 11.32 ට ආරම්භ වී පස්වරු 5.33 ට අවසන් වේ. සම්පූර්ණ කාලය පැය 6 යි මිනිත්තු 1 ක් වන දීර්ඝ කාලයකි. මෙසේ දීර්ඝ කාලීනව පැවතීමට හේතුව වන්නේ චන්ද්‍රයා එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියේ සිට ඇති දුරම ස්ථානයේ පිහිටි විටෙකදී චන්ද්‍රයාගේ කක්ෂීය වේගය අවම වන හෙයින් එම අවස්ථාවක දී මෙමෙ ග්‍රහණය සිදු වීමයි.සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇතිවේ. ඒ අනුව දින 14කට පසු දෙසැම්බර් 4 වැනි දින පෙරවරු 10.59 ට ආරම්භ වී පස්වරු 3.07 ට අවසන් වන පූර්ණ සූර්යග්‍රහණයක් ද සිදුවනු ඇත. මෙම සූර්යග්‍රහණය ද ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර ඇන්ටාක්ටිකාවට, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ ප්‍රදේශ කීපයකට පමණක් දිස්වනු ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවට දර්ශනය වන ග්‍රහණ ඉතා විරලව පවතී. 2022 වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ දෙකක් පමණක් දිස්වනු ඇත. ඒ ඔක්තෝබර් 25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් සහ නොවැම්බර් 8 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37