බෝම්බ බියක් ඇති කළ පුද්ගලයා ට අවසානයේ හිමිවුණු දේ

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්  අධිකරණය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කෙරුණි.

එම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද මෙහිදී නියෝග කෙරුණි.

සැකකරු විසින් සමගි ජන බලවේගය මඟින් පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බව සඳහන් කරමින් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ප්‍රකාශයක් ද ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලීසියට නියම කළේය.

  1. අර මෝඩ පහ වසර පාස් නැති රදා ප්‍රෙමෙගෙ පුතා නිධන් හොරා සජිත්ගෙ මිතුරෙක් වෙන්නම ඕනෙ . ඌට කඩේ යන්න ගිහින් උන විපතක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55