AFC Banner
Empty Ad
Empty Ad

බෝම්බ බියක් ඇති කළ පුද්ගලයා ට අවසානයේ හිමිවුණු දේ

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්  අධිකරණය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කෙරුණි.

එම සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද මෙහිදී නියෝග කෙරුණි.

සැකකරු විසින් සමගි ජන බලවේගය මඟින් පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බව සඳහන් කරමින් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ප්‍රකාශයක් ද ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලීසියට නියම කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?