උදැසනින් නිවසින් අතුරුදන් වු 20 හැවිරිදි සරත් ගේ සිරුර අන්තිමට හමුවූ තැන මෙන්න

කාසල්රී ජලාශයේ දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර ගොඩගෙන තිබේ.

ප්‍රදේශවාසීන් සහ ධීවරයන් සමඟ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී තරුණයාගේ සිරුර හමුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකුගේ සිරුරක්.

පාවහන් යුගලක් සහ ජංගම දුරකථනයක් කාසල්රී ජලාශය අසළ තිබෙනු දුටු පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කළා.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

————————————————-

කාසල්රී ජලාශයට පුද්ගලයෙක් පැන ඇති බවට අනුමාන කිරීමත් සමඟ නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ ජලාශය ආසන්නයේ තිබී ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් සොයාගැනීමත් සමඟයි.

ජලාශයේ දිය නෑමට පැමිණි පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව කළ සෝදිසි කිරීමකදී අදාළ පාවහන් යුගල සහ ජංගම දුරකථනය සොයාගෙන ඇත.

පසුව අනාවරණ වී ඇත්තේ එම දුරකතනය සහ පාවහන් යුගල නොර්වුඩ් වත්තේ ඉහල කොටසේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකුගේ බවයි.

එම තරුණයා නිවසින් අතුරුදන්ව ඇති බවට අද (17) උදෑසන ඥාතින් විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම තරුණයා ජලාශයට පැන ඇත්දැයි යන්න සෙවීම සඳහා කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37