5000 නෝට්ටුවක් අතට අරන් ගුරුවරයෙකු කියාදුන් ජීවීතේ පාඩම

ඕනම කෙනෙකුට වටිනාකමක් තියෙනවා.
නමුත් අපිට මේ සමාජය ඇතුලේ ඒ වටිනාකම හම්බවෙනද කියන එක ප්‍රශ්නයක්..
සල්ලි ජිවිතේ කරගත්තු මිනිස්සු ඉන්නා සමාජයක ගුරුවරයෙකු වටිනාකම ගැන කියාදුන්නු අපූරු පාඩමක් මේ විදිහට ලියවිලා තිබුණා.

දවසක් ගුරුවරයෙක්…
රුපියල් පන්දාහේ නෝට්ටුවක් ගෙනත් දරුවන්ට පෙන්නල ඇහුව…

මේකෙ වටිනාකම කීයද කියල…
දරුවො එක හඩින් උත්තර දුන්නා…
රුපියල් පන්දාහයි…

ගුරුවරයා නෝට්ටුව පොඩිකරල ආයෙත් ඇහුව මේකෙ වටිනාකම කීයද කියල…
ආයෙත් උත්තරේ වුනේ රුපියල් පන්දාහයි…

ගුරුවරයා මේ නෝට්ටුව බිම දාල ඇහුව ඒකෙ වටිනාකම කීයද කියල…
පන්දාහයි උත්තරේ හැමෝගෙම…

ගුරුවරයා ඒ නෝට්ටුව කකුලෙන් පාගල තවත් පොඩි කරල ඇහුව වටිනාකම කීයද කියල…
දරුවො එක හඩින් කිව්වේ…
රුපියල් පන්දාහයි…

ගුරුවරයා හිනා වෙලා නෝට්ටුව ඇහිදල ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය…

ඊට පස්සේ කිව්වා…

දරුවනේ අපේ ජීවිතත් මේ පන්දාහේ නෝට්ටුව වගේ…
වටිනාකමක් තියෙනව…
අපිව පොඩි කරයි මිනිස්සු…
අපිව බිම දායි…
අපිව පාගල දායි…
අපිව කිලිටි කරල දායි…
හැබැයි අපේ වටිනාකමේ අඩුවක්නම් වෙන්නේ නෑ…

මතක තියාගන්න ඕනී…
අපි හැමෝම වටිනාකමක් තියෙන මිනිස්සු…

ඔයා… මම… අපි හැමෝම…
අන්න ඒ වටිනාකම තේරුම් ගන්න…
ආදරය කරන්න තමන්ටම…
තමන්ව අවතක්සේරු කරන්න එපා…

හැම වෙලාවෙම තමන් වටිනව කියන එක ඔලුවෙ තියාගෙන ජීවත් වෙන්න…

කවුරු පොඩිකරල, බිමදාල, පාගල, කිලිටි කලත්…
තමන්ට ආදරය කරන්න පුරුදු වෙන්න…
තමන්ගෙ වටිනාකම තේරුම් ගන්න…

අඩු වෙන්නේනම් නෑ ඔයාගේ වටිනාකම කවමදාවත්ම..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
72
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44