spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

5000 නෝට්ටුවක් අතට අරන් ගුරුවරයෙකු කියාදුන් ජීවීතේ පාඩම

ඕනම කෙනෙකුට වටිනාකමක් තියෙනවා.
නමුත් අපිට මේ සමාජය ඇතුලේ ඒ වටිනාකම හම්බවෙනද කියන එක ප්‍රශ්නයක්..
සල්ලි ජිවිතේ කරගත්තු මිනිස්සු ඉන්නා සමාජයක ගුරුවරයෙකු වටිනාකම ගැන කියාදුන්නු අපූරු පාඩමක් මේ විදිහට ලියවිලා තිබුණා.

දවසක් ගුරුවරයෙක්…
රුපියල් පන්දාහේ නෝට්ටුවක් ගෙනත් දරුවන්ට පෙන්නල ඇහුව…

මේකෙ වටිනාකම කීයද කියල…
දරුවො එක හඩින් උත්තර දුන්නා…
රුපියල් පන්දාහයි…

ගුරුවරයා නෝට්ටුව පොඩිකරල ආයෙත් ඇහුව මේකෙ වටිනාකම කීයද කියල…
ආයෙත් උත්තරේ වුනේ රුපියල් පන්දාහයි…

ගුරුවරයා මේ නෝට්ටුව බිම දාල ඇහුව ඒකෙ වටිනාකම කීයද කියල…
පන්දාහයි උත්තරේ හැමෝගෙම…

ගුරුවරයා ඒ නෝට්ටුව කකුලෙන් පාගල තවත් පොඩි කරල ඇහුව වටිනාකම කීයද කියල…
දරුවො එක හඩින් කිව්වේ…
රුපියල් පන්දාහයි…

ගුරුවරයා හිනා වෙලා නෝට්ටුව ඇහිදල ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටිය…

ඊට පස්සේ කිව්වා…

දරුවනේ අපේ ජීවිතත් මේ පන්දාහේ නෝට්ටුව වගේ…
වටිනාකමක් තියෙනව…
අපිව පොඩි කරයි මිනිස්සු…
අපිව බිම දායි…
අපිව පාගල දායි…
අපිව කිලිටි කරල දායි…
හැබැයි අපේ වටිනාකමේ අඩුවක්නම් වෙන්නේ නෑ…

මතක තියාගන්න ඕනී…
අපි හැමෝම වටිනාකමක් තියෙන මිනිස්සු…

ඔයා… මම… අපි හැමෝම…
අන්න ඒ වටිනාකම තේරුම් ගන්න…
ආදරය කරන්න තමන්ටම…
තමන්ව අවතක්සේරු කරන්න එපා…

හැම වෙලාවෙම තමන් වටිනව කියන එක ඔලුවෙ තියාගෙන ජීවත් වෙන්න…

කවුරු පොඩිකරල, බිමදාල, පාගල, කිලිටි කලත්…
තමන්ට ආදරය කරන්න පුරුදු වෙන්න…
තමන්ගෙ වටිනාකම තේරුම් ගන්න…

අඩු වෙන්නේනම් නෑ ඔයාගේ වටිනාකම කවමදාවත්ම..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
72
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?