දියණියගේ පෙම්වතාට වෙඩි තැබීමට ගිය පියාට පෙම්වතාගෙන් මාරාන්තික පහරක්

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කරුවලගොඩ ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් අතුරතුර සිදුව ඇති පහර දීමකින් හා වෙඩි තැබීමකින් පුද්ලගලයින් දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා 51 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි.

අදාළ පුද්ගලයා මිය ගොස් ඇත්තේ ආරවුල සිදු වූ අවස්ථාවේදී 24 හැවිරිදි තරුණයෙතු විසින් සිදු කරනු ලැබ ඇති පහරදීමක් හේතුවෙන්. 

මෙම පහරදීම සිදු කර ඇති තරුණයා මිය ගිය පුද්ගලයාගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. 

ඊට විරෝධය පෑමට මරණකරු සහ තවත් පුද්ගලයෙකු ගිනි අවියක් ද රැගෙන අදාළ තරුණයාගේ නිවසට ගොස් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එම වෙඩි පහරින් තරුණයාගේ මව තුවාල ලබා ඇත. 

එම අවස්ථාවේ අදාළ තරුණයා, වෙඩි තැබීම සිදු කළ මරණකරුට සහ ඔහු සමග පැමිණ අනෙක් පුද්ගලයාට පහර දීමක් සිදු කර ඇති අතර එම පහරදීමෙන් මෙම ඝාතනය සිදුව තිබේ. 

පහර දීම සිදු කළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00