බුදුන් වඳින්න ගිය පුංචි දැරියට කුරුමාණම් ඇල්ලූ නරුමයාට සිදු වු දේ

බුදුන්ට පූජා කිරීම සඳහා මල් කැඩීමට ගිය 9 හැවිරිදි දැරියක් රුපියල් 100 බැගින් ලබා දී අවස්ථා කිහිපයකදීම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට ගම්පහ මහ අධිකරණය විසින් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

මීට අමතරව ඔහු වරදකරු වූ චෝදනා තුනට රු. 25,000 බැගින් රු.75,000ක දඩ මුදලක් ද, එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් චෝදනා තුනට ලක්ෂ 6ක වන්දි මුදලක් වින්දිත දැරිය ට ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.

දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම මාස 18 කින් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් සිර දඬුවම වසර 3කින්ද දීර්ඝ වනු ඇත.

මෙම සිදුවීම පසුගිය 2013 වර්ෂයේ දී සිදුවී ඇති අතර මල් කැඩීමට විත්තිකරුගේ ඉඩමට පැමිණි දැරිය රවටා නිවස තුළට කැඳවාගෙන ගොස් රු. 100 බැගින් ලබා දී ලිංගික අතවර කර තිබෙනවා.

විත්තිකරු 55 හැවිරිදි විපුලසේන නැමැති විවාහක පුද්ගලයෙකි.

මේ වනවිට දැරිය ළමා නිවාසයක ජීවත් වන අතර මිතුරු මිතුරියන් සමග කෙලිදොලින් ගත කළයුතු කාලයක් මෙලෙස ළමා නිවාසයක ගතකිරීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි මහාධිකරණයේදී සඳහන් කෙරුණේ.

සමාජය ගැන හෝ ලිංගිකත්වය ගැන කිසිදු දැනුමක් නොමැති දැරියක් මෙලෙස රු.100ක් වැනි මුදලක් දී රවටා අපයෝජනය කිරිම බරපතල අපරාධයක් බව තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00