බුදුන් වඳින්න ගිය පුංචි දැරියට කුරුමාණම් ඇල්ලූ නරුමයාට සිදු වු දේ

බුදුන්ට පූජා කිරීම සඳහා මල් කැඩීමට ගිය 9 හැවිරිදි දැරියක් රුපියල් 100 බැගින් ලබා දී අවස්ථා කිහිපයකදීම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට ගම්පහ මහ අධිකරණය විසින් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

මීට අමතරව ඔහු වරදකරු වූ චෝදනා තුනට රු. 25,000 බැගින් රු.75,000ක දඩ මුදලක් ද, එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් චෝදනා තුනට ලක්ෂ 6ක වන්දි මුදලක් වින්දිත දැරිය ට ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.

දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම මාස 18 කින් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් සිර දඬුවම වසර 3කින්ද දීර්ඝ වනු ඇත.

මෙම සිදුවීම පසුගිය 2013 වර්ෂයේ දී සිදුවී ඇති අතර මල් කැඩීමට විත්තිකරුගේ ඉඩමට පැමිණි දැරිය රවටා නිවස තුළට කැඳවාගෙන ගොස් රු. 100 බැගින් ලබා දී ලිංගික අතවර කර තිබෙනවා.

විත්තිකරු 55 හැවිරිදි විපුලසේන නැමැති විවාහක පුද්ගලයෙකි.

මේ වනවිට දැරිය ළමා නිවාසයක ජීවත් වන අතර මිතුරු මිතුරියන් සමග කෙලිදොලින් ගත කළයුතු කාලයක් මෙලෙස ළමා නිවාසයක ගතකිරීමට සිදුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි මහාධිකරණයේදී සඳහන් කෙරුණේ.

සමාජය ගැන හෝ ලිංගිකත්වය ගැන කිසිදු දැනුමක් නොමැති දැරියක් මෙලෙස රු.100ක් වැනි මුදලක් දී රවටා අපයෝජනය කිරිම බරපතල අපරාධයක් බව තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?