තම ඇරයුම ප්‍රතික්ෂේප කළ නිසා සෙබළෙකු මැසෙන්ජර් හරහා පාසල් දැරියට කළ අපරාධය

16 හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් යොදාගෙන ඇය යවන ආකාරයෙන් අපහාසාත්මක දෑ අඩංගු කර ෆේස්බුක් හරහා විවිධ පුද්ගලයන් වෙත යොමු කළ හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ 16 හැවිරිදි දැරියගේ මිතුරියන් හා මිතුරන් එම දැරියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පියා සමග පොලිසියට පැමිණි තරුණිය ඒ බව පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසී ය.

පොලිසිය සඳහන් කළේ, මීට වසර කිහිපයකට පෙර මෙම දැරිය හා මිතුරු වීමට උත්සහ කර තිබූ සැකකාර පුද්ගලයා එය අසාර්ථක වීම හේතුවෙන් ඊට උරණ වී දැරියට අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ය.

දැරියගෙන් ලද පැමිණිල්ල අනුව වහා ම ක්‍රියාත්මක වී ඇති අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී දැරියගේ නමින් විවෘත කර ඇති ව්‍යාජ ෆේස්බුක් ගිණුම දැක ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසී ය.

සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අළුබෝමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00