AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරඟාවලියේදී පිට පිට ලැබූ දෙවන පරාජය වනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් ලකුණු 56ක් රැස් කළ අතර නායක කයිරන් පොලා(ර්)ඩ් ලකුණු 26ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාගත් අතර කේෂව් මහාරාජ් කඩුලු 2ක් දවගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි වුණා.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රසී වැන් ඩර් ඩුසන් ලකුණු 43ක් රැස් කළ අතර ඒඩන් මාක්‍රම් ලකුණු 51ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?