දණ නොගැසූ නිසා කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රිකට් ක්‍රීඩකයා

ජාතිවාදයට එරෙහිව විරෝධය පළකරමින් දණ නො-නැමීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් මෙන්ම කඩුළු රකින ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති තරගයට කුවින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුලත් නොකර ඇති බවයි වාර්තා පළවන්නේ.

ජාතිවාදයට එරෙහිව විරෝධය පාමින් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දණ හිසෙන් හිදිමින් ඊට සහය දක්වනු ලබනවා. ඒ සියලු පුද්ගලයින් ක්‍රීඩාව හරහා එක් මාවතකට රැගෙන ඒමට ඇති හැකියාව නිසායි.

කෙසේ වුවත් කුවිටන් ඩී කොක් විසින් ගනු ලැබූ මෙම පෞද්ගලික තීරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

දකුණු අප්‍රිකාව ද කලක් ජාතිවාදය හේතුවෙන් දැඩි සේ පිඩාවට පත්වූ රටක් වීම හේතුවෙන් සිය ක්‍රීඩකයින්ට ඊට විරෝධය පාමින් දණ හිසෙන් හිදිමින් සහය දක්වන ලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල්ගේ යැයි පැවසෙන මල්වානේ නිවස අන්තරේ ඇවිත් වටලයි..මෙන්න නවතම දර්ශන..මෙතන මර්දනය කරන්න එපා
Video thumbnail
වහාම ටිල්වින්ව අත්අඩංගුවට ගන්න - නිල නොවන ජනාධිපති ටිල්වින් සිල්වා
07:41
Video thumbnail
ඇල්ලේ සංචාරයට ආ කපල් බිය ගන්වා කැත වැඩ කරපු සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
01:13
Video thumbnail
පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයින්ට පොලු තියලා - මේක රට බංකොළොත් කරන ඉඟියක්ද ?
04:17
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48