නොමිලේ ‘ සැප’ ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

පොලිස් පාට් දමමින් තලවතුගොඩ ප්‍රදේශයේ ‘ස්පා’ ආයතනයකට ඇතුළු වී කාන්තා පහස නොමිලේ ලබාගැනීමට උත්සාහ දැරූ බව කියන කහතුඩුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තරුණියන් නොමිලේ ලබාදීමට නොහැකි බව ‘ස්පා’ ආයතනයේ කළමනාකරු පැවැසීමත් සමඟ මෙම නිලධාරීන් ඔහුට බැන පහරදී ඇති බවද වාර්තා වේ. කහතුඩුව පොලිසියට අනුයුක්ත මෙම නිලධාරීන් දෙදෙනා තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනකු සමඟ 24 වැනිදා රාත්‍රි කිසියම් පෞද්ගලික කාරණාවකට වෑන් රථයකින් රාජගිරිය ප්‍රදේශයට පැමිණ ඇත.

 ඒ වන විට පොලිස් නිලධාරීන්ද සිට ඇත්තේ සිවිල් ඇඳුමෙන් සැරසීගෙනය. ඉන් අනතුරුව ඔවුන් කලල්ගොඩ පිහිටි ‘ස්පා’ ආයතනවලට ඇතුළු වී ඇත්තේ එහි සේවයේ නියුතු කාන්තාවන් ලවා නොමිලේ සම්බාහනය කර ගැනීමේ අරමුණෙනි. තමන් පොලිස් නිලධාරීන් බවත් ඒ නිසා නොමිලේ සම්බාහනයක් ලබාදෙන ලෙසට මොවුන් ‘ස්පා’ ආයතනයේ කළමනාකරුගෙන් ඉල්ලා ඇත. එහෙත් කළමනාකාරවරයා මොවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් සිවිල් ඇඳුම්ලාගත් මෙම නිලධාරීන් දිගින් දිගටම සම්බාහනය නොමිලේ ඉල්ලා ඇතත් කළමනාකරු එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇත. එහිදී පැමිණ සිටි එකී නිලධාරීන් කළමනාකරුට බැන පහරදී ඇති අතර ඒ සමඟම ‘ස්පා’ ආයතනයේ සෙසු සේවකයන් හා කාන්තාවන්ද මේ ආරවුලට මැදිවී ඇත.

 ඒ සැණින් යළි වෑන් රියට නැඟගත් නිලධාරීන් දෙදෙනා ඇතුළු සිවුදෙනා එතැනින් පලාගොස් තිබේ. ඊට සුළු වේලාවකට පසු මොවුන් සිවුදෙනා තලවතුගොඩ පිහිටි තවත් ‘ස්පා’ ආයතනයකට ඇතුළු වී සම්බාහනය සඳහා කාන්තාවන් ඉල්ලා ඇත. එහිදීද එම ආයතනයේ සිටි තරුණියක් මෙම නිලධාරීන් හඳුනාගෙන ඇත. ඒ ඇයද ඊට සුළු වේලාවකට පෙර කලල්ගොඩ පිහිටි ‘ස්පා’ ආයතනයේ රැඳී සිට එතැනදී මොවුන් සමඟ ඇති වූ ආරවුලෙන් පසු තලවතුගොඩ ‘ස්පා’ ආයතනයට පැමිණ සිටි නිසාය. පසුව මේ සම්බන්ධයෙන් කලල්ගොඩ ‘ස්පා’ ආයතනය දැනුවත් කිරීමත් සමඟ එම ආයතනයේදී පහර කෑමට ලක්වූ කළමනාකරු ඇතුළු කණ්ඩායමක් තලවතුගොඩ ‘ස්පා’ ආයතනයට පැමිණ යළි ආරවුලක් ඇතිකරගෙන ඇත. ඒ සමඟම එතැනින්ද මෙම සිවුදෙනාගේ කල්ලිය පලාගොස් තිබේ. එහෙත් ඔවුන් පලාගිය වෑන් රිය පසුපස ‘ස්පා’ ආයතනයේ කණ්ඩායමක්ද පන්නා ගොස් තිබේ. තලවතුගොඩ හරහා කොට්ටාව දෙසට වෑන් රිය පලාගිය අතර මොවුන් පසුපස ‘ස්පා’ ආයතනයේ කණ්ඩායම පන්නා එන බව දුටු පොලිස් නිලධාරීන් රැගත් වෑන් රිය වහා කොට්ටාව පොලිසිය තුළට පිවිස තිබේ. 

එහෙත් ඒ පසුපස පැමිණි ‘ස්පා’ ආයතනයේ පිරිස සිද්ධිය කොට්ටාව පොලිස් නිලධාරීන්ට දන්වා ඇති අතර කොට්ටාව පොලිසිය මේ බව වහාම තලංගම පොලිසිය දැනුවත් කර ඇත. පසුව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක ලක්‍ෂිත ඇතුළු කණ්ඩායමක් කොට්ටාව පොලිසියට පැමිණ සැකකාර පොලිස් නිලධාරින් ඇතුළු සිවුදෙනා අත්අඩංගුවට ගෙන තලංගම පොලිසිය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 පැමිණිලිකාර ආයතනයේ පාර්ශ්වයේද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු සිවුදෙනා ඊයේ (25දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමට තලංගම පොලිසිය පියවර ගෙන තිබිණි. පසුව කඩුවෙල මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එක් සැකකරුවකුට ලක්‍ෂ 10ක ශරීර ඇප මත නිලධාරීන් ඇතුළු සිවුදෙනාම ඇප මත මුදාහැර ඇත. අත්අඩංගුවට ගත් සිවුදෙනා අතර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා කහතුඩුව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අතර ඉන් එක් අයකු පොලිස් කොස්තාපල්වරයෙකි. අනෙක් තැනැත්තා පොලිස් රියැදුරකු බව කියති. සෙසු දෙදෙනා ව්‍යාපාරිකයන් බවද පොලිසිය කියයි. පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද පොලිස් අධිකාරි කාර්යාලය කීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල වැඩි කිරීමට හේතු කියන PUCSL..ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21