“ජංගම දුරකතනයෙන් නිතරම කතා කළා කියලා රණ්ඩු වෙලා..”

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක් තබා මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයාද ඒ අසලම ගෙල වැළලා ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ පදිංචි ඉලූඹ විතානගේ නිල්මිණි (38) වියැති දෙදරු මවක්. සියදිවි නසාගෙන ඇත්තේ එම ලිපිනයේම පදිංචි ඉලන්දාරිදේව නිහාල් රවීන්ද්‍ර (39) නමැති එක්දරු පියෙක්. 

මොවුන් දෙදෙනාම මීට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන්වී ඇති පුද්ගලයන් බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාව දැනට මාස දෙකකට පෙර විදේශ රටක සේවය කර ලංකාවට පැමිණි අයෙක්. ඇය විසින් නිතර නිතර ජංගම දුරකතනය මගින් කතා කිරීම පිළිබඳව අනියම් පුරුෂයා විසින් රණ්ඩු සරුවල් ඇති කරගෙන ඇති බවද දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. 

සිද්ධිය සිදුවූ ස්ථානයේ ඊයේ (21 වැනිදා) ස්ථාන පරීක්ෂණයට ගිය ඇල්පිටිය මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පී.සී. ආර්. පරීක්ෂණයක් කොට අනතුරුව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00