තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බවත් ඒ අනුව නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා හෝ ඇතැම් විට එයිනුත් ඔබ්බට යනතෙක් එසේ කෙටි විරාමයක් තැබීමට සිදුවෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




