AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ස්ටග්‍රෑම් ගැහැණු ළමුන් අනතුරේ දායි

ෆේස්බුක් සමාගමේ සමාජ මාධ්‍ය මෙවලම් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය සඳහා බලපෑම් කරන ආකාරය පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ප්‍රධානීන්ව අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ.

ෆේස්බුක් සමාගමේ “ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී” ඇන්ටිගොනී ඩේවිස් ව ඊයේ(30) සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්නකර තිබුණි.

ෆේස්බුක් සමාගම තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් සීමාව ඉක්මවා කටයුතු කරන බවට සෙනෙට් මණ්ඩලය විසින් චෝදනා එල්ල කර තිබේ.

විශේෂයෙන් ම එම සමාගම සිදුකර තිබූ අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී තිබුණේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය මෙවලම හේතුවෙන් යෞවනියන්ට අතිශය බරපතළ බලපෑම් සිදුව ඇති බවයි.

ගැහැණු ළමුන් අතර මානසික ආතතිය වර්ධනය වීමට ඉන්ස්ටග්‍රෑම් හේතුවී ඇති බව සෙනෙට් සාමාජිකයන් පවසයි.

ෆේස්බුක් ආයතනය එම පර්යේෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු පවා නොසලකා හැර ඇති බව සෙනෙට් මණ්ඩල සාමාජිකයන් පෙන්වා දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?