AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවේ ඇවිදින්න යන්න සූදානමින් සිටින අයට සුබ ආරංචියක්

මාස 18 කට පසු ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට එරටට ඇතුල්විය හැක්කේ එරට පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික අනුමැතිය ලත් අයවලුන්ට පමණයි.

කෙසේ වෙතත් තවමත් ඕස්ට්‍රේලියාව සංචාරකයන් සඳහා එරට විවෘත කර නැහැ.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවූවන් සඳහා නිදහසේ සංචාරය කිරීමේ අවස්ථාව මේ අනුව හිමිවන බවයි.

නැවතත් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ සාමාන්‍ය දිවිපෙවෙතට ලඟාවීමේ කාලය එළඹී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙම නව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ ඕස්ට්‍රේලියාව එරටට ඇතුල් වීම සඳහා විදේශිකයන්ට මෙන්ම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට ද දැඩි සීමා ක්‍රියාත්මක කළා.

මේ අනුව ඕස්ට්‍රේලියාවෙන් බැහැරව ගොස් සිටින එරට වැසියන්ට පවා නැවත පැමිණීමේදී දින 14 ක අනිවාර්ය හෝටල් නිරෝධායනයක් පනවා තිබූ අතර ඒ සඳහා සාමන්‍ය සංචාරකයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 3000 ක මුදලක් වැයකිරීමට සිදුවුනා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 432,000කට ආසන්න මුදලක්.

එම නීතිය මෙම විවෘත කිරීමත් සමඟ අහෝසි වන අතර එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් දින 7ක නිවාස නිරෝධායනයක් සඳහා පමණක් යොමුකෙරෙනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම නගර වන සිඩ්නි මෙල්බර්න් සහ කැන්බරා දැඩි සංචරණ සීමා සහිතව වසා දමා ඇත්තේ එම නගර තුල නැවතත් කොවිඩ් වෛරසය හිස එසැවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?