ප්‍රභාකරන් චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම තහනම්

කොටි නායක වේලු පිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.

ශ්‍රී ලංකා රජය කාම්බෝජ රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇත.

‘‘මෙතාගු” චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇති බව කාම්බෝජයේ නිව්ස් ඉංග්‍රීසි පුවත් සේවය වාර්තා කර ඇත.

කිට්ටු ගේ අධ්‍යක්ෂණයක් වන ‘මෙතාගු‘ යන්නෙහි සිංහල තේරුම ‘අතිගරු‘ යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය විසින් එළිදික්වා ඇත.

මීට පෙරද අවස්ථා කීපයකදීම නීතිමය කාරනා පදනම් කරගෙන චිත්‍රපටිය ප්‍රදර්ශනයට බාදා පැමිණුනු ද 2021 ජුනි 25 දින ඩිජිටල් පිටපත නිකුත් කරගැනීමට හැකි වී තිබේ.

1990 දශකයේ මැද භාගයේදී දෙමළ කොටි සාමාජිකයින් කාම්බෝජයෙන් අවි ආයුධ මිලදී ගන්නා බවට විවිධ වාර්තා සහ චෝදනා ද එල්ල විය.

methagu 1024x1024 1

mauratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33