ඇවිදින මංතීරු එපා – මහ සංඝරත්නය විරෝධය

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ස්ථිරවම නතර කරන්නැයි බලකරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ සංඝරත්නය සහ ගොවි සංවිධාන කිහිපයක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද (28) පැමියේය.

ඒ දිස්ත්‍රික්කයේ මහ සංඝරත්නය සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.

මේ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වෙන බවට ලද පණිවුඩයකට අනුව විරෝධතාකරුවන් පා ගමනින් වහාම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියේ මහ සංඝරත්නය ද සමඟින් ය.

එහිදී ඔවුන් ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් හමුවී සංදේශ භාරදීමට උත්සාහ කළ අතර එහිදී ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි.

පසුව එම ස්ථානයට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පැමිණියේය.

එහිදී සංදේශ භාරදීම සඳහා කිහිපදෙනෙකුට අවසර හිමිවුණි.

පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය කදුරුවෙල ධර්පාල හිමි පවසා සිටියේ, “අද පොරොන්දු වුණා වචනයකින්වත් මේ මාතෘකාව ගන්නේ නෑ කියලා පොරොන්දු වුණා සංවර්ධන සමිටු සභාපතිතුමා.” යනුවෙනි.

කොළඹ නාගරික සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රසාද් රණවීර මහතා පවසා සිටියේය, “අපි ඇත්තටම පරාක්‍රම සමුද්‍රය හදන්නේ මේ ඇවිදින මංතීරුවකට වඩා එහාට ගියපු වැව් බැම්ම තවදුරටත් ශක්තිමත් කරලා මේ හරහා අපි හදන්නේ මහජනතාවට නිදහසේ ගමන් කරන්න පුළුවන්, ව්‍යායාම කරන්න පුළුවන් සහ වැව සහ ඒ අවට සුන්දර පරිසරය දකින්න පුළුවන් කරන්න.” යනුවෙන් පැවසීය.

මේ අතර කොළඹ ඕල්කට් මාවතේ සිට වරාය දක්වා ඇති ඇවිදින මංතීරුව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54