චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර අද (28) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 83 වන වියේ පසුවූ ඔහු ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කළා. ප්‍රවිණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන අබේසේකර මහතා විවාහව සිටියේ ප්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟයි. ඔහු ජනප්‍රිය ගයිකාවන් වන සධානා රණතුංග සහ සුප්‍රියා අබේසේකර යන අයගේ ඇතුළු දූ දරුවන් හත් දෙනකුගේ පියාණන් ද වනවා.
” වහල් දුපත ” සහ ” සිදාදියෙන් හයක් ” යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන අබේසේකර මහතා ” හිඟන කෙල්ල ” සහ ” ජන ශක්ති ” නමින් තවත් චිත්‍රපට දෙකක රූප ගත කීරීම ආරම්භ කල නමුත් ඒවා නිම කිරීමට නොහැකි වුනා. දස්කම , සිරකරුවා , සැඩසුළං, ගිජු ළිහිණියෝ,කොළඹ හාදයෝ, වහල් දූපත , සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක් ගායනා කර තිබෙනවා




