ලක්විජය ගල් අඟුරු බළාගාරය වෙත ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද (27) අලුයම, සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසනවා
මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළවී අනතුරට පත්වීමට යාමේ දී එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා,ඉලංතඩිය ධීවරයන් විසින් මුදා ගෙන ඇති අතර ප්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ
පවතින දේශගුණික තත්ත්වය සලකා බලා,වෙනත් යාත්‍රාවක උදව්වෙන් මෙම බත්තල දියඹ මුහුදින් බළාගාරය වෙත ඇදගෙන යාමට නියමිත බවද වාර්තා වනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




