කොවිඩ් සුවවූ දරුවන්ට ඇතිවන රෝගී තත්ත්ව ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එවැනි දරුවන් පස්දෙනෙකු ඊයේ දිනයේදී රෝහල වෙත ඇතුළත් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“කොරෝනාවලින් පසුව විවිධ අවයවවලට බලපෑම් ඇතිකරන රෝගී තත්ත්වය දැන් දැන් වැඩිවෙමින් පවතිනවා. ඊයේ දැඩිසත්කාර ඒකකයට එවැනි රෝගී තත්ත්වයන්ගෙන් යුත් ළමුන් 5 දෙනෙකු ඇතුළත් කළා. මේ රෝගී තත්ත්වය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැලඳෙනවා කියලා හොයාගෙන තියෙනවා. ගර්භණී මවට කොරෝනා වැලඳුනාට පස්සේ අලුත උපන් බිළිඳාට මේ රෝගී තත්ත්වය වැලඳුනු අවස්ථා අපිට දකින්න ලැබුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?