පරිසරය ගැන හිතා ගත්තු දැඩි තීන්දුව

යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත.

එම තීරණය නම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි.

ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත.

ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters(ලයිට්නින් කනෙක්ටර්ස්) ය.

නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.

වසර 10ක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ සාකච්ඡා වී ඇති අතර මෙමමගින් පරිසර සංරක්ෂණය සිදු වන අතරම ඩොලර් මිලියන 292ක් සංගමය තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවද ගණන් බලා ඇත.

සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය සිය සමාගමට විශාල බලපෑමක් එල්ල කරන බවත් එය නව නිර්මාණ බිහිවීමට බාධාවක් බවත් පවසන ඇපල් සමාගම මේ තීරණය අවසානයෙදී පාරිභෝගිකයාට අයපත් ලෙස බලපානු ඇතැයිද පවසයි.

ඊට පිළිතුරු දෙමින් යුරෝපා සංගමය පවසන්නේ විධිමත් ක්‍රමවේදයක් සකස්කරන සෑම අවස්ථාවකම සමාගම නව නිර්මාණ වලට බාදාවන බව පවසමින් අදාල ක්‍රමවේදයනට බාධා පමුණුවන බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් එකග විය යුතුය. එසේ වුවහොත් ඇපල් සමාගමට සිය නිෂ්පාදන කටයුතු නව නීතියට අනුකූලව සිදු කර ගැනීමට සහන කාලයක් ලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24
Video thumbnail
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කරයි..පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවයි
01:50
Video thumbnail
කථානායක පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය..දිට්වාට විශේෂ කාරක සභාවක්
01:22