AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය සුරූපී තරුණියගේ සිරුර හමුවෙයි

අතුරුදන් ව සිටි ජනප්‍රිය ඇමරිකානු ජාතික සුරූපී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ගැබී පෙටීටෝගේ සිරුර ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇයගේ පෙම්වතා වන බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පුද්ගලයා සමඟ දීර්ඝ සංචාරයකට එක්ව සිටියදී ඇය අතුරුදන් වූ බවට මීට පෙර වාර්තා වූවා.

පසුගිය 11 වනදා ඇය අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඇගේ මව්පියන් විසින්.

මෙම යුවල ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ග්‍රෑන්ඩ් ටෙන්ටන් ජාතික වනෝද්‍යානයේ චාරිකාවක් සඳහා ගොස් තිබූ බවටයි විමර්ශනවලදී අනාවරණ වූයේ.

අගෝස්තු 25 වනදා තමන් එම වනෝද්‍යානයේ සිටින බවට සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී සිදුකළ දැනුම්දීමකට අනුව එම වනෝද්‍යානය තුළ ඇය සෙවීමේ කටයුතු ආරම්භ කෙරුණා.

පසුව කාන්තාවකගේ සිරුරක් එම වනෝද්‍යානය තුළ තිබී පරීක්ෂකයන් විසින් සොයාගෙන තිබූ අතර මේ වනවිට අතුරුදන් වූ තරුණියගේ දේහ ලක්ෂණ සමඟ මෙම දේහය ගැලපෙන බවටයි මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට ඇයගේ බ්‍රයන් ලෝන්ඩ්‍රි නමැති පෙම්වතා අතුරුදන් ව ඇති අතර ඔහු සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?