කබ්රාල් අස්වුනාම අලුතෙන් එන මන්ත‍්‍රී මෙන්න..?

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඉන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පත් කර සිටියද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස රජයෙන් ලද ආරාධනාව අනුව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහරහත් එම ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වෙයි.

-lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?