විශ්‍රාමිකයන් 350,000කට හිමිව තිබු දෙයක් අහිමිවෙයි

විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස් දහසක් අතර ක්‍රියාත්මක අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණාවරණයෙන් ස්වාභාවික මරණ සහ හදිසි අනතුරු මරණ රක්ෂණාවරණ ඉවත් කර ගාස්තු සංශෝධනය කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ස්වාභාවික මරණයක දී හිමි වන රුපියල් 150,000ක රක්ෂණාවරණය හා හදිසි අනතුරු මරණයකදී ලැබෙන රුපියල් 600,000ක රක්ෂණාවරණය නව සංශෝධනයේ දී ඉවත් කර ඇත.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 25000ක්ද, මොළයේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000ක් ද අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000ක්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු සඳහා රුපියල් 75,000ක රක්ෂණාවරණයක් ද විශ්‍රාමිකයන්ට ලබා දීමට යෝජනා කර ඇත.

පෞද්ගලික ආයුර්වේද රෝහලක ප්‍රතිකාර කිරීමේ දී මෙතෙක් හිමි වූ රුපියල් 120,000ක රක්ෂණාවරණය රුපියල් 75,000 දක්වා අඩු කර තිබේ.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා මෙතෙක් හිමි වූ රුපියල් 200,000 රක්ෂණාවරණය රුපියල් 500,000 දක්වා වැඩි කර තිබෙන වාර්ෂික ප්‍රතිලාභ වටිනාකම රුපියල් 150,000ක් වන අතර එක් සිද්ධියක දී හිමිවන උපරිම ප්‍රතිලාභ වටිනාකම රුපියල් 120,000කි.

රක්ෂණාවරණයේ ගාස්තු සංශෝධනයේ දී වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයකු සඳහා මෙතෙක් අය කළ රුපියල් 200 මුදල රුපියල් 400 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එහෙත් වයස අවුරුදු 70 වැඩි විශ්‍රාමිකයකුගෙන් අය කරන රුපියල් 600 ක මුදල වෙනස් නොවේ. 2005 අයවැය යෝජනාවකට අනුව අග්‍රහාර රක්ෂණ ක්‍රමය ආරම්භ විය. විශ්‍රාමිකයන් සඳහා එය ක්‍රියාත්මක වූයේ 2016 වර්ෂයේ සිටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?