විශ්‍රාමිකයන් 350,000කට හිමිව තිබු දෙයක් අහිමිවෙයි

විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස් දහසක් අතර ක්‍රියාත්මක අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණාවරණයෙන් ස්වාභාවික මරණ සහ හදිසි අනතුරු මරණ රක්ෂණාවරණ ඉවත් කර ගාස්තු සංශෝධනය කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ස්වාභාවික මරණයක දී හිමි වන රුපියල් 150,000ක රක්ෂණාවරණය හා හදිසි අනතුරු මරණයකදී ලැබෙන රුපියල් 600,000ක රක්ෂණාවරණය නව සංශෝධනයේ දී ඉවත් කර ඇත.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 25000ක්ද, මොළයේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000ක් ද අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා රුපියල් 500,000ක්ද, රජයේ රෝහල් ගෙවන වාට්ටු සඳහා රුපියල් 75,000ක රක්ෂණාවරණයක් ද විශ්‍රාමිකයන්ට ලබා දීමට යෝජනා කර ඇත.

පෞද්ගලික ආයුර්වේද රෝහලක ප්‍රතිකාර කිරීමේ දී මෙතෙක් හිමි වූ රුපියල් 120,000ක රක්ෂණාවරණය රුපියල් 75,000 දක්වා අඩු කර තිබේ.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා මෙතෙක් හිමි වූ රුපියල් 200,000 රක්ෂණාවරණය රුපියල් 500,000 දක්වා වැඩි කර තිබෙන වාර්ෂික ප්‍රතිලාභ වටිනාකම රුපියල් 150,000ක් වන අතර එක් සිද්ධියක දී හිමිවන උපරිම ප්‍රතිලාභ වටිනාකම රුපියල් 120,000කි.

රක්ෂණාවරණයේ ගාස්තු සංශෝධනයේ දී වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයකු සඳහා මෙතෙක් අය කළ රුපියල් 200 මුදල රුපියල් 400 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එහෙත් වයස අවුරුදු 70 වැඩි විශ්‍රාමිකයකුගෙන් අය කරන රුපියල් 600 ක මුදල වෙනස් නොවේ. 2005 අයවැය යෝජනාවකට අනුව අග්‍රහාර රක්ෂණ ක්‍රමය ආරම්භ විය. විශ්‍රාමිකයන් සඳහා එය ක්‍රියාත්මක වූයේ 2016 වර්ෂයේ සිටය.

  1. මම අවුරුදු ගානක් අග්රාගහාර විශ්රාමයට සමිබන්ධ වෙලා හිටියා.විශ්රාම ගියායින් පසු මගෙන් සාමාජික මුදල් අය කලෙත් නෑ.ඒ ගැන කිසිම කතාවකුත් නෑ.දැන් මට 79 යි ඉතින් දැන් මම මොකද කළ යුත්තේ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21