AFC Banner
Empty Ad
Empty Ad

සාහසික ඝාතනය ට්‍රක් රථයක ගැට ගසා මහ මඟ ඇදගෙන යයි.

ට්‍රක් රථයකට ගැට ගසා ඉතා කුරිරු ලෙස මහ මඟ එහා මෙහා ඇදගෙන ගොස් තුවාල සිදු වූ පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කනහියා භීල් නැමැති පුද්ගලයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සොරකමක් සිදුකළ බවට සැකපිට පිරිසක් විසින් 40 හැවිරිදි මෙම පුද්ගලයාට පහර දී ට්‍රක් රථයකට ගැට ගසා මාර්ගයේ ඇදගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුල දැඩි ආන්දෝලනයක් ඇතිව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?