මෙරට පැතිරෙන දරුණු කොරෝනා ප්‍රභේදයකින් ගැලවෙන්න කළ යුතු දේ මෙන්න.

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්‍ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කරනවා.

කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්‍රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්‍ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්‍රභේදවලටත් එන්නත් මගින් ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇගේ අදහසයි.

එමෙන්ම කොවිඩ් වෙනස් ප්‍රභේද පැමිණියත් වර්තමානයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රම ඒ සඳහා ද යොදාගැනීමේ හැකියාව ඇතැයි ද ඇය පවසනවා.

විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි.

මේ සඳහා දැනට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය බව කී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය එන්නත ලබාගැනීමෙන් වයිරසය ආසාදනයවීම අඩුවීම, එන්නත් දෙකම ලබාගත් පසු වයිරසය ආසාදනය වුවත් සංකූලතා විශාල ලෙස අඩුවීම, සංකූලතා ඇතිවුවත් මරණයට පත්වීමේ හැකියාව අඩුවීම සහ එන්නත ලබාගත් අයකුගෙන් තව කෙනෙකුට වයිරසය ආසාදනයවීම අඩුවීම යන වාසි සැලසෙන බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56