AFC Banner
Empty Ad
Empty Ad

සිංහයෙකුගේ ප්‍රහාරයකින් පුතුව බේරාගත් නිර්භීත අම්මා

කැලිෆෝනියාවේ කාන්තාවක් කඳුකර සිංහයෙකුගේ ප්‍රහාරයකින් තම පස් හැවිරිදි පුතුව බේරාගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ලොස් ඇන්ජලීස් නගරයට බටහිර දෙසින් සැන්ටා මොනිකා කඳුකරයේ නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී මෙම පිරිමි ළමයා වෙතට සිංහයා පැන තිබෙනවා

සිංහයා විසින් දරුවා නිවස ඉදිරිපිටින් ඇදගෙන ගොස් ඇති අතර දරුවාගේ මව දුව ගොස් තම පුතාව අත් හරින තුරු සිංහයාට ඇගේ අත් දෙකෙන්ම පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ

පසුව වනජීවි බලධාරීන් විසින් මෙම සත්ත්වයා සොයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා

පිරිමි ළමයාගේ හිසට සහ ශරීරයට තුවාල සිදුවී තිබෙන අතර ලොස් ඇන්ජලීස්හි රෝහලක සුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?