අඩි 30000ක් ඉහළ අහසේ සිදුවූ දරු ප්‍රසූතිය

ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවකට ගුවනේදි දරු ප්‍රසුතියන් සිදු වි තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන් තොටුපළ හරහා ඉවත් කරගනු ලැබු ඇය එංගලන්තයේ බර්මින්හැම් වෙත යන අතරතුරයි අඩි 30000ක් ඉහළ අහසේදි මෙලෙස දියණියක් ප්‍රසුත කර ඇත්තේ.

තුර්කි ගුවන් සේවයට අයත් යානයේ වෛද්‍යවරයෙකු නොසිටි නමුදු කාර්ය මණ්ඩලයේ සහයෙන් අදාළ කටයුතු සිදු කෙරුණු අතර, 26 හැවිරිදි මව සහ දරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

මෙම කාන්තාවට ප්‍රසව වේදනා ඇතිවන අවස්ථාවේ ගුවන්යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින්හැම් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

ඇය බර්මින්හැම් දක්වා යමින් සිට ඇත්තේ 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ද සමගින්.

දරු ප්‍රසූතියෙන් පසු යානය කුවේට් රාජ්‍යයේ ගොඩබස්වා තිබෙනවා.

සන්ධ්‍යා කාලයේ ගුවනේදි උපත ලද දියණියට තබා ඇත්තේ සන්ධ්‍යාව යන අරුත් ඇති හවා යන නමයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේවන විට එහි සිටින විශාල පිරිසක් රටින් පළායමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36