ඇෆ්ඝනිස්තානයේ සිරව සිටි ලාංකිකයන් 18කට සිදුවූ දේ

ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දහඅට දෙනෙක් ඇෆ්ඝනිස්තාන් හා කටාර් ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ මැදිහත්වීමෙන් ඊයේ (24 වැනිදා) උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණියහ. කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

කටාර් ශ්‍රී ලංකා තානාපති එම්. මොහිදීන් හා එහි ලේකම්වරිය වන සුමුදු විල්පාත සමග සාකච්ඡා කර මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ඇෆ්ඝනිස්තාන ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කරමින් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් තිස්දෙනකු බ්‍රිතාන්‍යයටත්, තවත් දෙදෙනකු කසකස්ථානයටත් රැගෙන ගොස් ඇත. ඔවුන්ද කඩිනමින් ලංකාවට රැගෙන ඒමට කටයුතු යොදා තිබේ. ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටිමින් සේවය කිරීමට කැමැති ශ්‍රී ලාංකිකයන් 26 දෙනාගේ ආරක්ෂාව, සුබසාධනය හා හදිසි මොහොතකදී ඉවත් කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිදධානය ගන්නා පියවර ලිඛිතව දැනුම් දෙන ලෙස ඇෆ්ඝනිස්ථාන ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා ඉල්ලීමක් කර ඇත. කාබුල් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට විද්‍යුත් පණිවුඩයක් යවමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලවල තවදුරටත් සේවය කිරීමට කැමැති ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන විමසා යැවූ බව අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.

ඊයේ (24 වැනිදා) වනතුරුත් ඒ සඳහා පිළිතුරක් ලැබී නොතිබිණි.

කාබුල් නගරය අත්පත් කරගන්නා මොහොතේ ලියාපදිංචි වී සිටි ලාංකිකයන් 93 කගෙන් 26 ක් එහි රැඳී සිටීමට කැමැත්ත පළකර ඇත. තවත් තිදෙනකු උලමා සංවිධානය මගින් ගුවන් ටිකට් පත් ලබාදී ඇති බවත්, ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයා ඇතුළු සිව්දෙනකු තමන්ගේ වියදමින් ටිකට් සූදානම් කරගෙන ලංකාවට පැමිණීමට ගුවන් යානා සූදානම් වනතුරු බලා සිටින බවත් තානාපතිවරයා සඳහන් කළේය.

ඊයේ වනවිට කාබුල් නගරයේ සිටියේ ශ්‍රී ලාංකිකයන් තිස්තුන් දෙනකු පමණක් බවත් හෙතෙම පැවැසීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36