තලේබාන් ත්‍රස්තයන් මාධ්‍ය දඩයම අරඹයි! පවුල්වල ඥාතින්වත් මරා දමයි

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් විසින් ජර්මානු මාධ්‍ය ආයතනයක් වන “ඩී ඩබලිව් (DW)” මාධ්‍යවේදියෙකු දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම මාධ්‍යවේදියා හමු නොවීම නිසා ත්‍රස්තයන් ඔහුගේ ඥාතීන්ට වෙඩි තබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී එක් ඥාතියෙකු මිය ගොස්  ඇති අතර අනෙක් අය පලා යාමට සමත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ සිටින මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ පවුල්වලට දැඩි අවදානම් තත්ත්වයක් ඇති තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩී ඩබලිව් (DW) මාධ්‍ය ආයතනයේ ප්‍රකාශයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ සිය ආයතනයේ සේවය කරන කර්තෘවරයෙකුගේ සමීපතම ඥාතියෙකු තලේබාන් සංවිධානය විසින් ඝාතනය කිරීම සිතාගත නොහැකි තරම් ඛේදජනක සිදුවීමක් බවත්, ඇෆ්ගනිස්ථානයේ සිටින ඩී ඩබලිව් (DW) මාධ්‍ය ආයතනයේ  සියලුම සේවකයින් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දෙන දැඩි අනතුර ගැන මෙය සාක්ෂියක් බවයි.

එම මාධ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානය දැනටමත් කාබුල්හි මෙන්ම පළාත්වල ද මාධ්‍යවේදීන් සඳහා සංවිධානාත්මක සෝදිසි කිරීම් සිදු කරන බවයි.

එම මාධ්‍ය ආයතනය ජර්මානු රජයෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටින්නේ සියලු මාධ්‍යවේදීන් නැවත ජර්මනිය වෙත ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව තලේබාන් ත්‍රස්තයන් විසින් විරුද්ධවාදීන්ට සහ මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන බවට පොරොන්දු වූවත් දැන් ඔවුන් විසින්ම මෙලෙස මාධ්‍ය දඩයමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09