AFC Banner
Empty Ad
Empty Ad

බෞද්ධ සිද්ධස්ථානවලට තලේබාන් ලා කරන්න යන දේ

තලේබාන් පරිපාලනයක් යටතේ බෞද්ධ සිද්ධස්ථාන අවදානමට ලක් නොවන බවට තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇෆ්ගනිස්ථානයේ බාමියන් හි පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 මාර්තු මාසයේදී තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් විනාශ කළ නමුත් තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බවට සුහයින් සහතික වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සුහයිල් ෂහීන් ඇෆ්ගනිස්ථානයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවිධ මේ ආකාරයේ වූ විවිධ ප්‍රකාශ කර ඇත.

තමන් කිසි දිනෙක එල් ටී ටී ඊ සංවිධානය සමග සම්බන්ධතා නොපැවැත් වූ බවත් ඉදිරියේදී එය එසේම බවත් හෙතෙම මෙහිදී වැඩි දරටත් පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?