ත්‍රස්තයන්ට හසූවූ ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවන දේ

දැඩි යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර රැඳි සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ව නැවත මෙරටට ගේනාව ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

කාබුල් නුවර ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු සේවය කරන බවට ලියාපදිංචි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා තානාපති කාර්යාලවල මෙම පිරිස සේවය කරන බවටත් එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටිනවා. 

එම පිරිසගෙන් බොහෝ දෙනෙකු නැවත ශ්‍රී ලංකාව සඳහා පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගෙන ඇති බවත් එරට පවතින ගුවන් පහසුකම්වලට අනුව, ඔවුන් දිවයිනට පැමිණෙනු ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇෆ්ගනිස්ථානයේ රජයේ හමුදාවන් සහ තලේබාන් ත්‍රස්තයන් අතර දැඩි ගැටුම් ඇතිව අතර ඔවුන් විසින් එරට ආර්ථික නගරය වන කන්දහාර් ද, අගනුවර වන කාබුල් ද යටත් කරගෙන සිටිනවා.

අමෙරිකානු හමුදාවන් වසර 20ක් පුරාවට ඇෆ්ගනිස්ථානයේ කළ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමත් සමඟයි මෙම යුද ගැටුම් ආරම්භ වුණේ.

ඇෆ්ගනිස්ථානය ජනාධිපතිවරයා පවා මේ වන විට රට හැර ගොස් තිබෙනවා.

  1. එහෙ ඉන්න් අපෙ උන් එහෙ ත්‍රස්තයන්ට වඩා ත්‍රස්තයන් නිසා අවුලක් නැහෙ . අනික අපි උන්ට ත්‍රස්තයන් කීවට උන් ත්‍රස්තයන් නෙමෙ , උන් රට අල්ලන් සිටි විජාතිකයන්ගෙන් රට බෙරා ගත් දේෂප්‍රෙමීයන් . එ රට බටහිර යුරොපය සමග ඇමරිකාව බලෙන් යටපත් කරන් ; රටෙ ජනතාව පෙලමින් උන්ට කඩේ යන උන්ට පමනක් තාන්න මාන්න දෙමින් මත් කුඩු ජාවාරම කරෙ , රටෙ නියම දේෂප්‍රෙමින් උන් එලවා බලය ගත්තා, ඒ අයට ත්‍රස්තයන් කීවොත් අපෙ රටෙ මහින්ද රාජපෂලා, රට වෙනුවෙන් සටන් කරපු හෙම එකාම ත්‍රස්තයන් වෙනවා; ඔන්න ජෙප්පො කොටි ; හම්බයො නම් අපිට ත්‍රස්තයන්