ප්‍රධාන රූපවාහිනි නාලිකාවකට යුටියුබ් වෙතින් තහනමක්!

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම සහ දැවැන්තම රූපවාහිනි නාලිකාව වන “Sky News (ස්කයි නිව්ස්)” ආයතනය වෙත යුටියුබ් (Youtube) වෙතින් තහනමක් පනවා තිබෙනවා.

මෙයට හේතුව වී තිබෙන්නේ එම නාලිකව මඟින් පළ කරන ලද කොවිඩ්-19 වසංගතය පිළිබඳව තොරතුරු අසත්‍ය බවට අනාවරණය වීමයි. මේ හේතුවෙන් එම නාලිකාවේ විඩීයෝ දර්ශන කිහිපයක් ද එම සමාජ මාධ්‍ය තුළින් ඉවත් කර තිබෙනවා.

මෙම තහනම සතියක කාලයක් බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

අදාළ නාලිකාවේ සාමාජිකයන් මිලියන 1.68ක් සිටින අතර තහනම පවතින කාලය තුළදී සජීවි විකාශයන්, වීඩියෝ දර්ශන උඩුගත කිරීම් ඇතුළු පහසුකම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නාලිකාවට තහනම පැනවීමට හේතු වුණු වීඩියෝ දර්ශන කාලයකට ඉහත දී දමන ලද ඒවා බවත්, කොවිඩ්-19 වැනි වෛරසයක් ලෝකයේ නැති බවට වන අදහස් සමාජගත වන ආකාරයේ වීඩියෝ හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

  1. ස්කයි නිව්ස් ,බී බී සී ; සී එන් එන් ෆොක්ස් නිව්ස් වෙනි ලෝකයෙ ප්‍රසිද්ද මාධ්ය නිතරම දමන්නෙ කියන්නෙ බොරු බව උගත් ජනතාව දනී , එහෙත් එම නාලිකාවට ඇබ්බැහිවු අයව මනස විකුර්ති කර එයම සත්ය ලෙස විස්වාස කිරීමට එම නාලිකා සමත් වී තිබෙ , මෙ සියලුම නාලිකා පිටුපස සිටින්නෙ එකම කොටසක් එකම දේෂපාලනීය සහ ආර්තිකමය අදහස් දරන එම මත ක්‍රියා කරන කොටසකි