AFC Banner
Empty Ad
Empty Ad

කවුරුත් කතා කරන වනිඳු හසරංග ගැන මුරලිදරන් කියූ කතාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මිලදී ගැනීමට අයි.පී.එල් කණ්ඩායම් උනන්දුවක් දක්වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගයෙන් පසුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා. වනිදු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලය පුරාවටම පන්දුවෙන් හා පිත්තෙන් කැපීපෙනන දක්ෂතා දක්වනු ලැබුවා. ඔහු මෙම වසරේ දී එක්දින තරග 11ක් තුළ ලකුණු 344ක් රැස් කර ඇති අතර, කඩුලු 8ක් ද එහිදී දවා ගෙන ඇත්තේ පන්දුවාරයකට දල ලකුණු 4.35ක් පමණක් ලබා දෙමින්. එමෙන්ම 2021 වසරේ දී වනිදු 20යි 20 තරග 7කදී බිද හෙලා ඇති කඩුලු ගණන 12ක්. (පන්දුවාරයකට දල ලකුණු ලබා දීම – 5.33) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා යම් කණ්ඩායමක් විසින් ඔහුව මීලදී ගැනීමට ඉඩ ඇති නමුත්, මුරලිදරන් පෙන්වා දෙන්නේ අයි.පී.එල් තරග ක්‍රීඩා කිරීම සදහා වනිදුට ඇති අවස්ථාව අවම මට්ටමක පවතින බවයි. බොහෝ අයි.පී.එල් කණ්ඩායම් සිය කණ්ඩායම සදහා ඉන්දීය දග පන්දු යවන්නන් ක්‍රීඩා කරවීමට වැඩි කැමැත්තක් දැක්වීම ඊට හේතුව බව මුත්තයියා මුරලිදරන් සදහන් කළා. “ඔහුට තරගයක් දෙකක් ලැබුණොත් හා දක්ෂතා දැක්වුවහොත්, එවිට ඔහු නිත්‍ය ක්‍රීඩකයෙකු වේවි.” යනුවෙන් මුරලිදරන් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?